ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) දින දිවයිනට රැගෙන ඒමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
මොහු පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසි විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැතීම හේතුවෙන් මොහු අමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු බව ද වාර්තා වේ.
එමෙන්ම මොහු ඩුබායිහි ධන ක්වේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට සැලකේ.
පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ, අදාළ සැකකරු මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

