නීතිවිරෝධී ලෙස ගෙන්වූ ඖෂධ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කටුනායකදී අල්ලයි
20 November 2026
නීතිවිරෝධී ලෙස ගෙන්වූ ඖෂධ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කටුනායකදී අල්ලයි
20 November 2026
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා ඖෂධ, බීජ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (19) අලුයම කටුනායක පොලිස් වසමේ BOI ආලෝක සංඥා හන්දිය ආසන්නයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවය.
එහිදී අදාළ භාණ්ඩ තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරු මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ පොලිසිය විසින් කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


