දිස්ත්රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
14 October 2026
දිස්ත්රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
14 October 2026
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (14) සවස 4:00 සිට හෙට (15) සවස 4:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා බලපැවැත්වේ.
ඒ අනුව, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 (අවධානම්/ඇම්බර්) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එමෙන්ම හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රදේශ රැසක් සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1 (විමසිලිමත් වීමේ) නිවේදන නිකුත් කර ඇත.
අධික වැසි හේතුවෙන් කඳුකර සහ බෑවුම් සහිත ප්රදේශවල පදිංචි ජනතාව නාය යාමේ අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම් වන ලෙසත් ආපදා කළමනාකරණ අංශ දැනුම් දී සිටියි.

