පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ
18 July 2026
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ
18 July 2026
පොතුවිල් මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරිපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
ඒ, ආපදාවට පත් ධීවර යාත්‍රාවක් පිළිබඳව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකළ දැනුම් දීමකට අනුවයි.
විජයබාහු නෞකාව හා නාවික හමුදා යාත්‍රා යොදවා ඊයේ (17) දින සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී පොතුවිල් දෙසට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ දී ආපදාවට පත්වු ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා සොයා ගන්නා ලදී.
ධීවරයා නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් අනතුරුව, විජයබාහු නෞකාව වෙතින් මූලික ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී

