බෙන්තොට වෙරළේ පැරා මෝටර් අනතුරක‍්- විදෙස් කාන්තාවක් මරුට
29 July 2026
බෙන්තොට වෙරළේ පැරා මෝටර් අනතුරක‍්- විදෙස් කාන්තාවක් මරුට
29 July 2026
බෙන්තොට වෙරළ ප්‍රදේශයේ සිදු වූ පැරා මෝටර් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 31 හැවිරිදි වියෙහි පසු වූ පලස්තීන කාන්තාවකි.
පැරා මෝටර් යන්ත්‍රයක් ගුවනේ පියාසර කරමින් තිබියදී සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මුහුදට කඩා වැටී ඇත.
මෙහි නියමුවා වශයෙන් සිටි කොලොම්බියානු ජාතිකයා දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බව සඳහන්ය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

