නිවසක් බිඳ රුපියල් ලක්ෂ නවයකට අධික රන් භාණ්ඩ සොරාගෙන
19 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
නිවසක් බිඳ රුපියල් ලක්ෂ නවයකට අධික රන් භාණ්ඩ සොරාගෙන
19 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
බුත්තල පොලිස් වසමට අයත් ඌව පැල්වත්ත 06 කණුව ප්රදේශයේ නිවසකට දිවා කාලයේ ඇතුළු වූ අයෙකු රුපියල් නව ලක්ෂ තිස්හත් දහස් පන්සියයක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇත.
නිවසේ හිමිකාරිය බුත්තල ඌව පැල්වත්ත 06 කණුව පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා නාවික හමුදාවේ සේවය කරයි.
ඊයේ (18) වෙනිදා උදෑසන සිය 08 හැවිරිදි දරුවා දහම් පාසලට යවා,කාමරයේ දොර වසා යතුරද රැගෙන රෙදි මැසීමේ කාර්යයක් සඳහා පිටව ගොස් ඇත.
පසුව නිවසේ සිටි ස්වාමිපුරුෂයාගේ මවද නිවස අගුළු දමා ඥාති නිවසකට ගොස් තිබේ.
පස්වරු 01.35 පමණ ඔවුන් නැවත නිවසට පැමිණ බලන විට කාමරයේ දොර විවෘත කර අල්මාරියේ රෙදි ඇද දමා තිබෙනු දැක ඇත.
නිවස පරීක්ෂා කිරීමේ අල්මාරියේ ප්ලාස්ටික් කප් එකක දමා තිබූ රුපියල් පන්ලක්ෂ හැත්තෑහත් දහස් පන්සියයක් වටිනා පවුම් එකයි තුන්කාලක රන් වළල්ලක්,රුපියල් එක් ලක්ෂ හැටපන්දහසක් වටිනා පවුම් භාගයක රන් මුදුවක්,රුපියල් අසූදහසක පවුම් භාගයක තවත් රන් මුදුවක්,රුපියල් හැට දහසක පවුම් කාලක රණ කරාඹු ජෝඩුවක්,රුපියල් පනස් පන්දහසක ගල් අල්ලන ලද තවත් රන් මුදු දෙකක් තිබී නැත.
නිවසේ පිටුපස කාමරයක ජනේලයේ ග්රීල් කොටස ගලවා ඇතුළු අයෙකු සොරකම සිදු කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
බුත්තල පොලිස් ස්ථානාධිපති ප්රියන්ත අමරසිංහ පරීක්ෂණ පවත්වයි.

