brand logo
logo
දිස්ත්‍රික්ක 9ක මදුරුවන් බෝවිය හැකිස්ථාන 4965 ක්

දිස්ත්‍රික්ක 9ක මදුරුවන් බෝවිය හැකිස්ථාන 4965 ක්

03 July 2025 | දිනේෂ් රූපසිංහ - පිළියන්දල

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව පෙරේදා (01 වැනිදා) දිස්ත්‍රික්ක 9ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 55ක සිදු කළ පරීක්ෂා කිරීම්වලදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 4965 හඳුනාගෙන ඉන් ස්ථාන 101ක් සඳහා නඩු පවරා තිබේ.


මෙහිදී ජුලි 01 දිනයට පමණක් පරීශ්‍ර පරීක්ෂා කිරීම් 22294ක් සිදු කර තිබූ අතර ඉන් හඳුනාගත් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ප්‍රතිශතයක් ලෙස සියයට 22ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවැසුවාය.


මෙම පරීක්ෂා කිරීම්වලදී මදුරු කීටයන් සිටි ස්ථාන 657ක්ද, රතු නිවේදන නිකුත් කිරීම් 553ක්ද වෙති.


මේ අනුව මදුරු මර්දන සතිය ආරම්භ කෙරුණු ජූනි 30 සහ ජූලි 01 යන දෙදින තුළ සමස්තයක් ලෙස පරීශ්‍ර පරීක්ෂා කිරීම් 48354 ක් සිදු කර ඇති අතර මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන 10591 ක් හඳුනා ගෙන තිබිණි.


එය ප්‍රතිශතයක් ලෙස සියයට 21කි. සෑම පරිශ්‍ර පහකින් එකක් මදුරුවන් බෝවන ස්ථාන සේ තබාගෙන තිබෙන බව පැවැසු ඇය මෙම දෙදින තුළ මදුරු කීටයන් හමුවීම් සංඛ්‍යාව 1611ක්ද ඒ සඳහා නඩු පැවරුම් සංඛ්‍යාව 256ක්ද වන බවද පැවැසුවාය.

 

More News..