brand logo
logo
ඉන්දියාව දෙවැනි ඉනිමට ලකුණු 193යි

ඉන්දියාව දෙවැනි ඉනිමට ලකුණු 193යි

18 August 2026


ශ්‍රී ලංකා කණ්ඩායම සමග මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් ඉන්දීය පිල ලකුණු 193ක් රැස්කළේය.


දෙවැනි ඉනිම වෙනුවෙන් ඉන්දීය පිලේ රිෂාබ් පාන්ට් ලකුණු 66ක් රැස්කළේ පන්දු 69ක් තුළදීය.


ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.


දේව්දත් පඩික්කල් ලකුණු 44ක් සහ කේ එල් රාහුල් ලකුණු 35ක් රැස්කළේය.


පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුළු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.


ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 462ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත්තේ ලකුණු 284ක් පමණීයි.


ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිල ලකුණු 371ක් රැස්කර ගත යුතු වේ.

 

More News..