brand logo
logo
ඉඩම් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නාගරික මන්ත්‍රීවර‍යෙකු අත්අඩංගුවට

ඉඩම් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නාගරික මන්ත්‍රීවර‍යෙකු අත්අඩංගුවට

25 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවට අයත් ඉඩම්වලින් ඉඩම් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් හැටන් දික්ඔය නගර සභාවේ (ලංකා කම්කරු කොන්ග්‍රසයේ) නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් මහතාව ඊයේ (24) දින රාත්‍රියේ හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ නිළධාරියෙකු සමග එක්ව හැටන් රුවන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකුගෙන් රුපියල් හය ලක්ෂ තිස් පන්දහසේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා ගිණුමට මුදල් බැර ගෙන එම ඉඩම් ලබා නොදිම සම්බන්ධයෙන් මුදල් ලබා දුන් අයෙකු විසින් හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


එම සැකකරුට මුදල් ලබා දුන් අනෙක් පාර්ශවයන්ද පොලිසිය වෙත පැමිණ පැමිණිලි කරන බවට දැනුම් දුන් බවයි හැටන් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.


සැකකරුගේ බැංකු වාර්ථා සියල්ල ලබා ගත් බවත්, මෙම සිද්ධියට සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිළධාරියාද අත්අඩංගුවට ගන්නා බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරියෙකු කියා සිටියේ.


අත්අඩංගුවට ගත් සැකකරු අද (25) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

 

More News..