නීති විරෝධී ධීවර උපකරණ තොගයක් පොලිස් භාරයට
23 August 2026 | මහින්ද සේනාරත්න කන්තලේ
නීති විරෝධී ධීවර උපකරණ තොගයක් පොලිස් භාරයට
23 August 2026 | මහින්ද සේනාරත්න කන්තලේ
කන්තලේ වැවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදාගත් කම්බි දැල්වලින් සාදන ලද කූඩ 22ක් සහ තංගුස් දැල් මීටර්160ක ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලීසිය කීවේය.
කන්තලේ පොලීසිය වෙත ලැබුණු රහසිගත තොරතුරක් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න ගේ උපදෙස් පරිදි පොලිස් දූෂණ මර්ධන අංශය විසින් සිදු කළ විශේෂ වැටලීමකදී මෙම නීති විරෝධී ධීවර උපකරණ සොයාගෙන ඇත. අඟල් 2 පමණ කම්බි දැල් යොදාගෙන ධීවරයින් විසින් සකසන මෙම කම්බි කූඩු වැවේ මසුන් රැඳෙන ස්ථානවල ගිල්වා තැබෙන අතර එහි සිදුරකින් කූඩුව තුලට ඇතුල්වල මසුන්හට ආපසු පිටතට ඒමට නොහැකි පරිදි මෙම කූඩ නිමා තිබේ. මෙය නීති විරෝධී ධීවර උපකරනයක් බව
පොලීසිය පවසයි.
පොලිස් භාරයට ගැනුනු තහනම් ධීවර උපකරණ සහ අනෙකුත් සාක්ෂි පසුගිය (21) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිනි.

