කොල්ලුපිටියේ පාරක නිසල සිරුරක් අතහැර ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
28 November 2026
කොල්ලුපිටියේ පාරක නිසල සිරුරක් අතහැර ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
28 November 2026
කොල්ලුපිටිය, ඇල්ෆ්රඩ් හවුස් ඇවනිව් ප්රදේශයේ අතුරු මාර්ගයක දමාගිය සැකකටයුතු මළ සිරුර සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 21 වැනිදා රාත්රියේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ත්රීරෝද රථයකින් පැමිණ මෙම මළ සිරුර පාරේ දමාගොස් ඇති බවට CCTV දර්ශන ඔස්සේ අනාවරණ විය.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි බේරුවල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කරයි.
මෙම මළ සිරුරේ තුවාල කිහිපයක් ද දක්නට ලැබුණු බව පොලිසිය පවසයි.
මේ වනවිට මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර, එම දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.
මියගිය 62 හැවිරිදි පුද්ගලයා කොළඹ නගරයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙක් බවත් ඔහු නිවාඩු ලබා සිය දියණියට ජංගම දුරකතනයක් ද මිලදී ගෙන ඇයව දැක බලාගැනීම සඳහා දියණිය රැකියාවේ නිරත කටුනායක වෙළඳ කලාපය වෙත යාමට සූදානම්ව සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබූ සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීමවලිදී අනාවරණය වී ඇත්තේ, එම සැකකරු අතරින් ත්රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා, කුලී රථ රියදුරෙක් බවත්, මෙම මියගිය පුද්ගලයා අතරමඟදී ඔහුගේ ත්රීරෝද රථයට ගොඩවී ඇති බවත්, කෙටි දුරක් ගමන් කිරීමෙන් පසු බම්බලපිටිය ප්රදේශයට පැමිණීමෙන් පසු එම ත්රීරෝද රථයට ගොඩ වූ පුද්ගලයා සිහිසුන් තත්ත්වයක සිටි බවට නිරීක්ෂණය වී තිබේ.
පසුව ත්රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා, ඒ අසල සිටි ඔහුගේ මිතුරෙකුගේ ද සහය ඇතිව, සිහිසුන්ව සිටි පුද්ගලයා මෙලෙස මාර්ගයක දමා ගොස් ඇති අතර, ඔහු සන්තකයේ වූ රුපියක් 4000ක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් ද සොරාගෙන ඇති බවයි ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.


