දකුණු ඉන්දියාවටම ගෑස් නැහැ-අවන්හල් වසයි
11 March 2026
දකුණු ඉන්දියාවටම ගෑස් නැහැ-අවන්හල් වසයි
11 March 2026
ඉරානය, ඇමරිකාව හා ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එල්.පී.ජී ගෑස් සැපයුමට බාධා මතු වීමෙන් දකුණු ඉන්දියාවේ අවන්හල් රැසක් වසා දැමීමට සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් මින් ඉල්ලා ඇත්තේ එල්.පී.ජී ගෑස් හිඟය පියවා ගැනීම සඳහා අවශ්‍ය විකල්ප විධිවිධාන සහ මෙය තමිල්නාඩුවේ මහජනතාවට, වාණිජ ආයතනවලට හෝ MSME කර්මාන්තවලට බලපාන්නේ නැති බවට මධ්‍යම රජය සහතික කළ යුතු බවය.
ඉන්දියානු ජාතික අවන්හල් සංගමය (NRAI), ඉන්දියානු හෝටල් සහ අවන්හල් සංගමය (AHAR), බැංගලෝර් හෝටල් සංගමය, චෙන්නායි හෝටල් සංගමය, චෙන්නායි තේ සාප්පු සංගමය, ඔඩිෂා හි හෝටල් සහ අවන්හල් සංගමය (HRAO) සහ හෝටල් හිමියන් කිහිප දෙනෙකු අනතුරු අඟවා ඇත්තේ ඉවුම් පිහුම් සඳහා ගෑස් නොමැතිකම නිසා තම වෙළෙඳසල් වසා දැමීමට සිදුවනු ඇති බවය.
මේ අතර මුම්බායි හි හෝටල් සහ අවන්හල්වලින් 20% ක් පමණ වසා දමා ඇති අතර, තත්ත්වය වැඩිදියුණු නොවන්නේ නම් මුම්බායි හි හෝටල් සහ අවන්හල්වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් දින දෙකකින් වසා දමනු ඇතැයි එම සංගම් සඳහන් කර ඇති බව ද හින්දු වාර්තා කරයි.

