ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
11 October 2026
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
11 October 2026
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු පළාත් සහ අනුරාධපුරය, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (11) පෙ.ව. 11.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පස්වරු 1.00 දක්වා වලංගු වෙයි.
ඒ අනවු, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

