Best News Website award
brand logo
logo
ලිංගික හිරිහැරයට එරෙහි වූ තරුණියක් දුම්රියට තල්ලු කරයි

ලිංගික හිරිහැරයට එරෙහි වූ තරුණියක් දුම්රියට තල්ලු කරයි

13 November 2026


ඉන්දියාවේ මුම්බායි නගරයේ දුම්රිය ස්ථානයකදී තරුණියකට ලිංගික හිරිහැර කර, ඊට විරුද්ධ වූ අවස්ථාවේ ඇයව දුම්රියක් දෙසට තල්ලු කිරීමේ පුවතක් වාර්තා වේ.


මෙම සිදුවීමෙන් දිවි ගලවා ගැනීමට අදාළ කාන්තාව සමත් වූවද, ඇගේ එක් අතක් අහිමි වී ඇත. එමෙන්ම හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මැහුම් 16ක් යෙදීමට පවා සිදුව තිබේ.


සිද්ධියට මුහුණපෑ කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ, දුම්රියේ ගමන්ගත් අතරතුර අදාළ පුද්ගලයා කිහිප වතාවක්ම තමන්ට අනවශ්‍ය ලෙස ශාරීරික ස්පර්ශයන් කරමින් බලහත්කාරකම් කළ බවය. ඇය දුම්රියෙන් බැසගිය අවස්ථාවේදී පවා සැකකරු ඇය පිටුපසින් පැමිණ නැවතත් හිරිහැර කර ඇත.


එහිදී ඇය සිය සෙරෙප්පුවෙන් ඔහුට පහර දෙමින් ඊට විරෝධය පා ඇති අතර, ඊට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වූ සැකකරු ද ඇයට ඔහුගේ සෙරෙප්පුවෙන් පහර දී තිබේ.


අනතුරුව සැකකරු විසින් ඇයව දුම්රිය වේදිකාවේදී තල්ලු කර ඇති අතර, ඇය නවතා තිබූ දුම්රියක මැදිරි දෙකක් අතරට වැටී ඇත. කෙසේ නමුත් ඇය නැවත වේදිකාවට ගොඩවීමට උත්සාහ කරන අතරතුර දුම්රිය ගමන් ආරම්භ කිරීමෙන් තුවාල ලබා ඇත. 


පසුව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු සහ සෙසු මගීන් එක්ව ඇයව බේරාගෙන රෝහල් ගත කර ඇති අතර, එහිදී සිදුවූ ශල්‍යකර්මයකදී ඇගේ එක් අතක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත.


රතු පැහැති ඇඳුමක් ඇද සිටි සැකකරු සිද්ධියෙන් පසු පලාගිගොස් ඇත.


කෙසේ නමුත් CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසිය 53 හැවිරිදි ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.


කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව පොලිසිය විසින් සැකකරුට එරෙහි නඩුවට ඇතුළත් කර නොමැති බවට වින්දිත කාන්තාවගේ පවුලේ ඥාතීන් චෝදනා කර ඇත.

 

More News..