කහටගස්දිගිලිය ඇතාගේ දළය කැපූ බවට සැකකරු අත්අඩංගුවට
05 November 2026
කහටගස්දිගිලිය ඇතාගේ දළය කැපූ බවට සැකකරු අත්අඩංගුවට
05 November 2026
කහටගස්දිගිලිය මීමින්නාවල කුඹුක්වැව ප්‍රදේශයේදී දළයක් නොමැතිව මියගොස් සිටියදී සොයාගත් ඇතාගේ මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම ඇතාගේ දළය කපා ඉවත්කළ බවට සැක කෙරෙන හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.
අවුරුදු 34ක් වයසැති සැකකරු අනුරාධපුර අඩවි ආරක්ෂක දම්මික සංජීව මහතාගේ මඟපෙන්වීම යටතේ කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ නිවසේ සහ ඔහුගේ වගා පැලේ තිබී අලි වෙඩිල්ලක් හා පෙට්‍රල්වලින් සාදන ලද පුපුරණ ඇටවුමක්, බඳින තුවක්කුවක්, වෙඩි බෙහෙත් සහ ඒවාට අදාළ උපාංග ඇතුළත් මල්ලක්, වක් පිහියක්, යකඩ කපන කියතක් සහ මීමින්නාවල ප්‍රදේශයේදී මියගිය ඇතා සිටි ස්ථානයෙන් කපාගත් බවට සැක කෙරෙන ලී දඬු කිහිපයක් ද සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් යකඩ කපන කියත ඇතාගේ දළය කපා ඉවත්කිරීමට යොදාගන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.
සැකකරු අද (05) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

