ආයතන ප්‍රධානීන් ඉදිරි සතියේදී මැතිවරණ කොමිසමට කැඳවයි
01 August 2024
ආයතන ප්‍රධානීන් ඉදිරි සතියේදී මැතිවරණ කොමිසමට කැඳවයි
01 August 2024
ජනාධිපතිවරණයේ කටයුතු සඳහා සහයෝගය ලබා ගැනීමට සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඉදිරි සතියේදී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය.
මේ අනුව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල ප්‍රධානීන්, දේශීය නිරීක්ෂණ ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවන බවද ඔහු සඳහන් කළේය.
එසේම මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන්, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (3) සෙනසුරාදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට කැඳවීමට නියමිතය.
මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන් සමගද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යන බවද රත්නායක වැඩිදුරටත් පැවසීය.