brand logo
logo
ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය ආධාරක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 21ක් වෙන් කෙරේ

ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය ආධාරක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 21ක් වෙන් කෙරේ

16 October 2026

2026 වර්ෂය තුළ අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 40ට වැඩි දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 22,500 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාව සිදු කර ඇස් කණ්ණාඩි ලබාදීමට පියවර ගත් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.


මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසිනි.


එමෙන්ම වයස අවුරුදු 18ට අඩු දෘශ්‍යාබාධ සහිත දරුවන්ට ඇස් කණ්ණාඩි මිලදී ගැනීම සඳහා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් මූල්‍යාධාර ලබාදීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්ය.


ඇස් කණ්ණාඩි ඇතුළු ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය ආධාරක උපකරණ ලබාදීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 21ක මුදලක් වෙන් කර තිබේ.

 

More News..