ජනපති හා නීතිඥ සංගමයේ සාකච්ඡාව අද
12 August 2026 | ඉෂාර රත්නකාර
ජනපති හා නීතිඥ සංගමයේ සාකච්ඡාව අද
12 August 2026 | ඉෂාර රත්නකාර
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාව අද (12 වැනිදා) දහවල් 1 ට පැවැත්වේ.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කරන ලද දැනුම් දීමකට අනුව එම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, ලේකම් නීතිඥ නලින් ද සිල්වා, උප සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුව, විධායක කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනකු, හිටපු සභාපතිවරුන් කිහිප දෙනකු සහභාගිවීමට නියමිතය.
අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මීට මාස තුනකට පමණ පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර, ඉන් අනතුරුව සිය සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් යොමු කර තිබිණි.

