brand logo
logo
 වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද

03 January 2025



2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේදී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි. 


ඔහු කියා සිටියේ Quadrantids නමින් හැඳින්වෙන උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතින බවය.


ඒ අනුව එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදී වන අතර හෙට (04) අලුයම 5.00ට පමණ ඊසාන දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.



 

More News..