සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
09 April 2026
සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
09 April 2026
2025(2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2026 අප්‍රේල් 22 වනදා සිට මැයි 04 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, අපේක්ෂකයින් 162,587 දෙනෙකු සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,198කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.
41 - සංගීතය (අපරදිග) විෂයයේ ශ්‍රවණ පරීක්ෂණය 2026 අප්‍රේල් 26 දින එම විෂය ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පැවැත්වීමට නියමිතය.
40 - සංගීතය (පෙරදිග)
42 - සංගීතය (කර්ණාටක)
45 - නර්තනය (හරත)
51 - නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 - සංගීතය (අපරදිග)
44 - නර්තනය (දේශීය)
50 - නාට්‍ය හා රංග කලාව (සිංහල)
52 - නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)
ඉහත විෂයයන්හි අවසාන ප්‍රතිඵල නියම කිරීම සඳහා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකම අනිවාර්ය වන බැවින්, එම කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට අදාළ විෂයේ ප්‍රතිඵල ලබා නොදෙන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට ඒවා තම ලිපිනයට තැපැල් කර යවා ඇති අතර හෙට (10) සිට නිල වෙබ් අඩවිය www.doenets.lk හරහාද ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකි බව සඳහන් වේ.
ප්‍රවේශ පත්‍රවල දෝෂ හෝ සංශෝධන අවශ්‍යතා ඇති නම් වහාම විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

