brand logo
logo
දික්ඔය ඔන්සි දෙමළ මහා විද්‍යාලයේ ලියකියවිලි ගිනි තබයි

දික්ඔය ඔන්සි දෙමළ මහා විද්‍යාලයේ ලියකියවිලි ගිනි තබයි

25 October 2026 | ආර්.එෆ්.එම්.සුහෙල්-නුවරඑළිය


දික්ඔය ඔන්සි දෙමළ මහා විද්‍යාලයට ඇතුළු වූ කිසියම් පිරිසක් විසින් පාසලේ ශාලාවක තිබූ කබඩ් කඩා, ඒවායේ තැන්පත් කර තිබූ පාසල් දරුවන්ගේ පොත්පත්, උප්පැන්න සහතික, ප්‍රශ්න පත්‍ර ඇතුළු ලියකියවිලි රැසකට ගිනි තබා විනාශ කර ඇත.


ඊයේ (24) පස්වරු 3.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, අදාළ පිරිස පාසල් ශාලාවේ තිබූ කබඩ්වල දොරවල් කඩා ඒවා තුළ තිබූ ලියකියවිලි පිටතට ගෙන මෙලෙස ගිනි තබා ඇති බව සඳහන් වේ.


පස්වරුවේ ශාලාවෙන් ගින්නක් හටගෙන ඇති බව දුටු විදුහල්පතිවරයා වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබේ.


එමගින් ගින්න තවදුරටත් පැතිර යාම වළක්වා ගැනීමට හැකි වී ඇත.


සිද්ධියෙන් පාසල් දරුවන්ගේ පොත්පත් සහ පාසලට අදාළ ලියකියවිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා නෝර්වුඩ් පොලිසියට පැමිණිලි කර තිබේ.


සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..