බොරලැස්ගමුවේ වෙඩිතැබීමක් - එක් අයෙකු මරුට
04 September 2026
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක් - එක් අයෙකු මරුට
04 September 2026
අද (04) රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩිතබා ඇති බවය.
ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 74ක් වූ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

