brand logo
logo
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි

16 October 2026

ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම හෙට (17) සිදු කිරීමට නියමිතව තිබේ.


ඇස් කණ්ණාඩි අවශ්‍ය සියලු විශ්වවිද්‍යාල සිසුන්ට ඒවා ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එම විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ කටයුතු පසුගිය සැප්තැම්බර් 19 වෙනිදා සිදු කෙරිණි.


වැඩසටහනේ දෙවෙනි අදියර ඔක්තෝබර් 10 වෙනිදා රුහුණු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

 

More News..