Best News Website award
brand logo
logo
 නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

17 November 2026


නව තානාපතිවරුන් පස්දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.


එලෙස අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයින් වන්නේ,


1.කොරියානු ජනරජයේ නව තානාපති ලෙස Kim Youn-Jung මෙනෙවිය

2. ස්විට්සලන්තයේ නව තානාපති ලෙස Daniel Hunn මහතා

3. යුරෝපා සංගමයේ නව තානාපති ලෙස Sylvia Hartleif මෙනෙවිය

4. ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපති ලෙස Ahmed El-Sayed Abdel Halim Amer Helal මහතා

5. ලාඕ මහජන ප්රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපති ලෙස Vithaya Xayavong මෙනෙවිය

6. නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Wing Commander (Rtd) Alex L.Tukuhupwele මහතා

7. සිංගප්පූරු ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Patrick Daniel මහතා


අක්තපත්‍ර පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත විය.


මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියහ.

 

More News..