අමෙරිකාවේ වෙඩි තැබීමකින් 3ක් ජීවිතක්ෂයට - වෙඩික්කරුවන් සියදිවි හානිකර ගනී
19 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමකින් 3ක් ජීවිතක්ෂයට - වෙඩික්කරුවන් සියදිවි හානිකර ගනී
19 May 2026
අමෙරිකාවේ, සැන්ඩියාගෝ හි විශාලතම මුස්ලිම් පල්ලියක එරට වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11.53ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර එම වෙඩිතැබීම සිදුකළ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු පල්ලිය ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සොයා ගත් බවයි වාර්තා වන්නේ .
එක් සැකකරුවෙකු විසින් සියදිවි හානිකර ගන්නා බවට සටහනක් ද තබා ගොස් ඇති බව අනාවරණය වි තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 17ක් හා 19ක් වන තරුණයින් දෙදෙනෙකි.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඉතා භයානක තත්ත්වයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ සම්බන්ධයෙන් තමාගේ වැඩි අවධානයක් යොමුව ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

