විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීම ගැන මහනායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ගැන නලින්ද කියන කතාව
04 August 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීම ගැන මහනායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ගැන නලින්ද කියන කතාව
04 August 2026
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛිනාකය මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධව තමන් මෙතෙක් දැනුවත් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (03) දිනයේදී තමන් සහ අධිකරණ අමාත්‍යවරයා මල්වතු, අස්ගිරි, සහ රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසුණු බවත් එහිදී 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළ බවත්ය.
එහිදී එම සංශෝධනය සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය සහ ඒ අනුව ගොඩ ගැසී ඇති නඩු කටයුතු කාර්යක්ෂමව ඉක්මන් කරවීම පිළිබඳව මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම ක්‍රියාවලිය සඳහා මහනායක හිමිවරුන් විරෝධයක් නොදැක්වුව බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම අවස්ථාවේදී එක් විනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කරමින් නොව සියලු අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට කටයුතු කරන බව මහානායක හිමිවරුන් දැනුවත් කළ බැවින් උන්වහන්සේලා පවා එම ක්‍රියාවලිය පිළිගත් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"මහානායක හිමිවරුන් එව්වා යැයි කියන ලිපියක් සම්බන්ධයෙන් මගේ දැනුවත්භාවයක් නෑ. ඊයේ උදේ වරුවේ මමත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත් මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් මුණගැසුණා. ඊට පසුව දහවල් කාලයේ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණා. අපිට ඊයේ කැබිනට් මණ්ඩලය තිබුණ නිසා අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණේ නෑ. අද සවස 5ට මමත් අධිකරණ ඇමතිතුමාත් අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණගැසෙනවා. ඇත්තටම ඒ සාකච්ඡා හැම එකක්ම වගේ පැයකට ආසන්න කාලයක් තිබුණා. විශේෂයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් සමග අපි පැවැති සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කිරීමට යන 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනතට අදාළ සංශෝධන පිළිබඳව අපි සාකච්ඡා කළා. උන්වහන්සේලාට අපි ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දුන්නා. විශේෂයෙන් අපේ අරමුණ බවට පත්වෙලා තිබුණේ මේ රටේ ගොඩගැහිලා තිබෙන නඩු කටයුතු කාර්යක්ෂමව අවසන් කරලා ජනතාවට සහනයක් දෙන්න. මම හිතනවා ඒක මේ රටේ කවුරුත් හිතන සත්‍යයක්. මල්වතු මහනායක හාමුදුරුවොත් අපිට කියා සිටියා උන්වහන්සේත් අවුරුදු 20කට කාලයකට මොකක් හරි නඩු කටයුත්තකට මුහුණ දෙමින් සිටිනවා කියලා. ඉතිං හැමෝටම අවුරුදු 12-20 ආදී කාලයකට මේ නඩුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නඩු කටයුතු කාර්යක්ෂමව ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්‍රතිසංස්කරණයක් පිළිබඳව කාගේවත් විරෝධයක් නෑ, උන්වහන්සේලාගෙත් විරෝධයක් නෑ. මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන්ට තිබුණ එකම කරුණ තමයි අපෙන් දැනගන්න මේ ව්‍යවස්ථා සංශෝධනය එක විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන පමණක් සිදුකරන එකක්ද කියන එක. අපි පැහැදිලි කළාට පස්සෙදි 22 වන ව්‍යස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ උපරිමාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස වැඩි කරන එක. අධිකරණ සේවා පනත සංශෝධනය කිරීමෙන් දිසා අධිකරණවල ඇතුළු සියලු අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරනවා කියලා අපි පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලාට ඒක පැහැදිලි කරලා දුන්නාට පස්සේ උන්වහන්සේලා ඒක පිළිගත්තා."

