කුඩා ව්‍යාපාර බංකොලොත් වෙන්න හේතුව
13 July 2024 | සාලිය කුමාර ගුණසේකර
කුඩා ව්‍යාපාර බංකොලොත් වෙන්න හේතුව
13 July 2024 | සාලිය කුමාර ගුණසේකර
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරඹා එහෙත් අසාර්ථක වූ අයගෙන් සියයට හතළිස්පහකටම අසාර්ථක වීමට හේතුවවී ඇත්තේ සැලසුමකින් තොරව ව්‍යාපාර පවත්වාගෙන යාම බව අනාවරණයවී ඇත.
එමෙන්ම, වාර්තා කිරීමේ ක්‍රමවේදයන් නොමැතිවීම, දුර්වල මූල්‍ය කළමනාකරණය, ගුණාත්මක සේවකයන් නොමැතිවීම, ව්‍යවසායකයන්ගේ පවුලේ බලපෑම් යන සාධකයන්ද එම ව්‍යාපාර අසාර්ථකවීමට බලපා ඇත.
ණය ගැනීමේදී පවතින සාම්ප්‍රදායික බැංකු ක්‍රමවේදයන්, ඉහළ පොලී අනුපාත යන කාරණා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර අඩාළවීමට හේතුවී තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් කරන ලද නිරීක්ෂණවලදී එම ව්‍යවසායකයන් පවසා තිබේ.
මෙවන් තත්ත්වයක් හමුවේ ලෝක වෙළෙඳපොළ ආර්ථිකයක් තුළ ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ඵලදායී ලෙස ප්‍රතිස්ථාපනය කිරීමෙන් ඉහළ ආර්ථික වාසි ලබා ගැනීමට හැකිවන බවත්, තරුණයන් ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුකිරීමෙන් ඵලදායී ව්‍යවසායකයන් මිලියනයක් බිහිකිරීමට අදාළව දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද එම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
තරුණ ව්‍යවසායකයන් බිහිකිරීම ඇතුළු කටයුතු සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන හාරසියයක මුදලක් ලබාදෙන ලෙසට ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබේ.

