brand logo
logo
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට

නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට

27 August 2026


නේපාලයේ සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් හිම කඳු නායගොස්, දියවූ හිම ජලය බොටේ කොෂි ගංගාවට එකවර එක්වීමෙන් දරුණු හදිසි ගංවතුරක් හටගෙන තිබේ.


මෙම ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 157 දක්වා ඉහළ ගොස් ඇත.


ගංවතුර හේතුවෙන් තවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව සිටින අතර, ඔවුන්ගෙන් බහුතරය විදේශීය සංචාරකයින් බව සඳහන් වේ.


මෙසේ අතුරුදන් වූවන් අතර වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර මලයාසියානු, ඇමරිකානු, ඕස්ට්‍රේලියානු සහ අප්‍රිකානු රටවල සංචාරකයින් ද සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.


ගංගාව පිටාර ගැලීමත් සමඟ ආ තද සැඩ පහර කත්මණ්ඩු අගනුවරට උතුරින් පිහිටි රසූවා ප්‍රදේශයේ ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම යටකර දමා ඇත. අතුරුදන් වූවන් සෙවීම සඳහා නේපාල රජය විසින් විශේෂ සහන කණ්ඩායම් යොදවා ඇති අතර, ඉන්දියාව ඇතුළු විදේශ රටවල් කිහිපයක් ද කඩිනමින් නේපාලයට සහන කණ්ඩායම් යොමු කිරීමට පියවර ගෙන තිබේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ද මෙම තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින්, විපතට පත් නේපාලයට අවශ්‍ය සියලු සහයෝගයන් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

 

More News..