brand logo
logo
බිඳ වැටුණු ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු අවසන්

බිඳ වැටුණු ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු අවසන්

05 June 2026

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කරන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.


ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අත්හිටුවා ඇති ජල සැපයුම අද (05) පස්වරු 06.00 වනවිට යථා තත්ත්වයට පත්වනු ඇත.


පෙරවරුවේ ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශවලට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මීට පෙර සඳහන් කළේය. 



 

More News..