brand logo
logo
 ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

09 May 2026

ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.


එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ අද (09) රාත්‍රී 11.30 දක්වා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතුකරන ලෙස සඳහන් වෙයි.


ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අද පස්වරු 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.


ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.


අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.


 

More News..