ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට එරටින් පිටවන්නැයි දැනුම්දීමක්
27 August 2025
ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට එරටින් පිටවන්නැයි දැනුම්දීමක්
27 August 2025
ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බවට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බවය.
මේ හේතුවෙන් දින 7ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත්තේ, මෙම සිදුවීම් දෙක සමාජ සහජීවනය අඩපණ කිරීමට සහ ප්‍රජාව තුළ අසමගිය වැපිරීමට ගත් උත්සාහයක් බවය.
ඉරාන තානාපති අහමඩ් සඩේගි සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටව යන මෙලෙස නියෝග කර ඇති අතර ටෙහෙරානයෙන් ද තම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම චෝදනා ඉරානය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

