brand logo
logo
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

22 September 2026


ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් විය.


ඒ, අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 147ක විශාල පරාජයකට ඇද දමමිනි.


මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු විය.


කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 216ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට පන්දුවාර 15.4ක් තුළ සියල්ලන්ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 69ක් පමණි.


මේ අතර, බංග්ලාදේශ කාන්තා පිල ලකුණු 31කින් පරාජයට පත්කළ පාකිස්තාන කාන්තා කණ්ඩායම තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

 

More News..