brand logo
logo
යතුරු පැදියේ වටිනාකම දෙගුණ කර ණය දෙන සමාගම් ගැන පැමිණිලි

යතුරු පැදියේ වටිනාකම දෙගුණ කර ණය දෙන සමාගම් ගැන පැමිණිලි

06 September 2026 | සාලිය කුමාර ගුණසේකර

වාහන මිලදී ගැනීමේදී ලබාදෙන ණය අනුපාත සීමා දැඩි කිරීමට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇතත්, ඇතැම් යතුරු පැදි නියෝජිතයන් අනීතික ලෙස 100%ක ලීසිං පහසුකම යටතේ පාරිභෝගික ජනතාවට යතුරු පැදි අලෙවි කරන බවට මුදල් අමාත්‍යංශය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවලට පැමිණිලි කර තිබේ. ඉකුත් මැයි මස 25 වැනිදා සිට බලාත්මක වන පරිදි මෝටර් රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමා දැඩි කිරීමට මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව, මෝටර් රථ, වෑන්රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහන මිල දී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා ලබා දිය හැකි උපරිම සීමාව 50% සිට 40% දක්වා අඩු කර තිබේ.


කෙසේ නමුත්, යතුරු පැදි අලෙවි කරන ඇතැම් සමාගම් නියෝජිතයන් යතුරු පැදියේ නියමිත මිල මෙන් දෙගුණයකට අදාළව ඉන්වොයිස් සකස් කර, පාරිභෝගිකයන්ට සියයට සියයක ලීසිං ණය පහසුකම ලබාගැනීමට අවස්ථාව සලසා ඇතැයි එම පැමිණිලිවල සඳහන් වේ. මෙහිදී, අදාළ ඉන්වොයිසයේ යතුරු පැදියේ නියම මිල මෙන් දෙගුණයක් සඳහන් කර තිබීම නිසා, අදාළ යතුරු පැදිය රක්ෂණය කිරීමේදී යතුරු පැදියේ නියම වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවා රක්ෂණ සහතිකය ලබාගැනීමට පාරිභෝගිකයන්ට සිදුවී ඇතැයි පැවසේ.

 

More News..