brand logo
logo
නාමල් උයන ජාතික උරුමයක් වෙයි

නාමල් උයන ජාතික උරුමයක් වෙයි

17 March 2026

ජාතික නාමල් උගේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලැබී ඇත.


ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන සංරක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශිත කොට ඇත ඇති, හෙක්ටයාර 602 ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී පවතින 'ජාතික නාමල් උයන', ශ්‍රී ලංකාවේ වැදගත්කම හා දේශීය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.


නාමල් උයනෙහි පිහිටි රෝස තිරුවාණා කඳුවැටිය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් භූ - ස්වභාවික උරුමයක් වේ. රෝස තිරුවානා කඳු වැටියට අනන්‍ය වූ සහ විද්‍යාත්මක වටිනාකමින් යුතු ලක්ෂණ, විශේෂිත වියළි කලාපීය වනාන්තර පරිසර පද්ධතිය සහ පුරාණ ආරාමවල භූ දර්ශන යන සියලු සාධක දිගු කාලීන සංස්කෘතික සම්බන්ධතා සම්බන්ධ වී භූවිද්‍යාත්මක, පාරිසරික සහ සංස්කෘතික උරුම වටිනාකම් දුර්ලභ එකතුවක් ලෙස සලකමින් ජාතික නාමල් උයන, ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම යෝග්‍ය බව ශ්‍රී ලංකාවේ ජාතික උරුමය හඳුනා ගැනීම සඳහා වන විද්වත් අනුකමිටුව විසින් නිර්දේශ කරනු ලැබේ. 


එක් නිර්දේශය මත, 'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


 

More News..