brand logo
logo
  මත් කරල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත් කරල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

28 March 2026


රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම සැකකාරියන් දෙදෙනා වැලිකඩ පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.


ඔවුන් සන්තකයේ තිබී මත්කරල් 2,600ක් පොලිස් භාරයට ගෙන ඇත. 


නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.


මින් එක් සැකකාරියක් වැලිකඩ ප්‍රදේශයේ විදුහලක් ආසන්නයේදී මත්කරල් 600ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


ඉන් අනතුරුව ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම මත්කරල් ලබා දුන් අනෙක් සැකකාරිය වැලිකඩ ඔබේසේකරපුරදී මත් කරල් 2000ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. 


ඔරුගොඩවත්ත සහ රාජගිරියේ පදිංචිකාරියන් වන මොවුන් දෙදෙනා අවුරුදු 40 සහ 56 යන වයස් කාණ්ඩවල පසුවෙයි. 


නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



 

More News..