Best News Website award
brand logo
logo
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

29 November 2026


දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීම් අද (29) පස්වරු 4.00 දක්වා බලාත්මකව පවතින බව එම සංවිධානය නිවේදනය කරයි.


ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, යටිනුවර, තුම්පනේ, හතරලියද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරළේ, තෝසුවාව සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව කෝරළය සහ තලවකැලේ යන ප්‍රදේශවලටත් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.


එමෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කිරිඇල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ටද විමසිලිමත්ව සිටින ලෙස උපදෙස් ලබා දී තිබේ.


මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, ඇහැලියගොඩ, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට සහ රඹුක්කන යන ප්‍රදේශ සඳහා ද මෙම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..