ගාල්ල ධීවර වරායේ ගින්නෙන් පැරණි බෝට්ටු 7ක් විනාශයි
08 November 2026
ගාල්ල ධීවර වරායේ ගින්නෙන් පැරණි බෝට්ටු 7ක් විනාශයි
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ පිහිටි බෝට්ටු නඩත්තු අංගනයේ අද (8) දහවල් හටගත් ගින්නෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ ධීවර බෝට්ටු 7ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙතෙක් ගින්න හටගැනීමට හේතුව අනාවරණය වී නොමැත.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.ජී.ඒ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, ගින්නෙන් කිසිම පුද්ගලයෙකුට හානි වී නොමැති බවය.
කෙසේ නමුත් මෙම පරිශ්‍රය තුළ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රාවල හිමිකරුවන් කැඳවා එසේ නවතා තැබීමට හේතු විමසා පොලිස්පතිවරයාට සම්පූර්ණ වාර්තාවක් යොමුකිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.
මෙම ගින්න හටගැනීමත් සමග වහා ක්‍රියාත්මක වූ ගාල්ල වරාය පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'දක්ෂිණ' කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පැතිර යාම වළක්වා ගැනීමට

