ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 3.6ක් සොයාගැනේ
28 November 2026
ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 3.6ක් සොයාගැනේ
28 November 2026
ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක් සොයාගෙන තිබේ.
විදේශීය බුද්ධි සේවාවල සහාය ඇතිව ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී දින දෙකකට පෙර මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එය ඊයේ (27) දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.
අදාළ යාත්‍රාවේ ගමන් කරමින් සිටි විදේශීය ජාතිකයන් හත්දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
කිසිදු රටක ජාතික ධජයක් ප්‍රදර්ශනය නොකරමින් යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
මේ අතර, 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා රුපියල් බිලියන 116ක් වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි.
දකුණු මුහුදේදී සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 'රටම එකට' ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මේ වන විට සැකකරුවන් 379 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවයි.


