brand logo
logo
පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි

පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි

11 May 2026


ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.


ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී 10.1N, 82.5E ආසන්නයේ පවතී.


මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වේ.


මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.


ඒ අනුව අද දින නිකුත් කළ දත්ත මත පදනම්ව ඉදිරි පැය 48 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 


මෙම නිවේදන පිළිබඳ සහ අනාවැකි පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවන් ඇතුළු ජනතාවට දැනුම් දෙයි.  


 

More News..