brand logo
logo
සමාජ මාධ්‍ය ඇබ්බැහියෙන් මිදෙන්න “ගොළු ජංගම දුරකථන”

සමාජ මාධ්‍ය ඇබ්බැහියෙන් මිදෙන්න “ගොළු ජංගම දුරකථන”

11 June 2024

වැඩිපුර වේලාවක් ජංගම දුරකථනයේ තිරයට ඇස යොමු කරගෙන සිටින වැඩිහිටියන් සහ නව යොවුන් වියේ පසුවන තරුණයන්ට එයින් මිදීමට ස්මාර්ට් ජංගම දුරකථනවලට විකල්පයක් ලෙස “ගොළු ජංගම දුරකථන” (dumb phone) භාවිතය සුදුසු බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබේ. එමගින් ජංගම දුරකථනය වෙනුවෙන් ලබාදෙන තිර කාලය අවම කරගැනීමේ හැකියාව පවතී. ගොළු දුරකථන ලෙස හඳුන්වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක හිමිවන සංකීර්ණ යෙදවුම් හා විශේෂාංගවලින් තොර සරල ජංගම දුරකථනයි. මෙම හැකියා පාරිභෝගිකයා භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකථනවල සැකසුම් තුළ අන්තර්ගත කර ඇති අතර එමගින් කොපමණ වේලාවක් දුරකථනය දෙස බලා සිටිනවා ද යන පිළිබඳව අවබෝධයක් ලබා දීමට එය සමත් වේ.



බොහෝ දුරට ජංගම දුරකථන භාවිතයේ දී වැඩි කාලයක් ගත කරන්නේ වීඩියෝ ක්‍රීඩා සහ සමාජ ජාල මාධ්‍යන්ගේ සැරිසැරීමට සහ විනෝද වීම සඳහාය. මෙයට නව යොවුන් තරුණ ප්‍රජාව ඇබ්බැහි වන බව හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව කරන ලද සමීක්ෂණයක දී එක් කැනේඩියානු තරුණයකු පවසා තිබුණේ, සමාජ මාධ්‍යයන් “අතුරුදන් වේ යන බිය” මත පදනම්ව නිර්මාණය වී ඇති නිසා තමාට මෙම සමාජ ජාල මාධ්‍ය භාවිතයෙන් ඉවත් විය නොහැකි යැයි සිතෙන බවය.


හාවර්ඩ් විශ්වවිද්‍යාලය සමාජ ජාල භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම හේතුවෙන් මොළයේ එක් කොටසක් උත්තේජනය වන අතර එලෙස උත්තේජනය වන කොටස ඇබ්බැහිකාරකයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. මේ නිසා තරුණයන් අතර කෙරෙන දුරකථන භාවිතයේ පුරුදු පිළිබඳ අවධානයට ලක් කිරීමට සිදුව ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.


ඊට අමතරව, එක්සත් රාජධානියේ Ofcom ආයතනය සිදුකරන ලද පර්යේෂණයකින් ඔප්පු වී ඇත්තේ අවුරුදු 5ත් 7ත් අතර වයසේ පසුවන ළමයින්ගෙන් හතරෙන් එකක්ම ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි. එමෙන්ම මෙය ඔවුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බව ද සමීක්ෂණ මගින් හෙළිවී තිබේ. මේ නිසා විද්‍යුත් උපකරණ කෙරෙහි යොදවා ඇති තිර කාලය සීමා කිරීම සඳහා හොඳම ක්‍රමය ලෙස මෙම සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ වැඩි වැඩියෙන් ගොළු ජංගම දුරකථන හෙවත් සාමාන්‍ය දුරකථන භාවිතය සිදු කරන ලෙසය.

 

More News..