brand logo
logo
නිදහස් දිනයේ බන්ධනාගාර සිරකරුවන්ට අරුණෙන් ලැබුණු තෑග්ග

නිදහස් දිනයේ බන්ධනාගාර සිරකරුවන්ට අරුණෙන් ලැබුණු තෑග්ග

04 February 2025

77 වෙනි නිදහස් දිනය වෙනුවෙන් අරුණ පුවත්පත සහ අරුණ ඩිජිටල් අංශය එක්ව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබන සිරකරුවන් 100දෙනෙකු සඳහා වියළි ආහාර ලබාදීම අද (04) වැලිකඩ බන්ධනාගාරයේදී සහ මහර බන්ධනාගාරයේදී සිදුකෙරිණි.


මෙහි ප්‍රධාන උත්සවය පැවැත්වූයේ වැලිකඩ බන්ධනාගාරය පරිශ්‍රයේදී ය.


එම අවස්ථාවේදී නිදහස ලබන සිරකරුවන් වෙනුවෙන් වියළි ආහාර ලබාදීම සහ තවත් සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම සිදුකෙරිණි.


එහිදී නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව යන සිරකරුවන් සහ තවදුරටත් එහි රැදී සිටින සිරකරුවන් වෙනුවෙන් විචිත්‍රභාණීක ජ්‍යේෂඨ කථිකාචාර්ය පූජ්‍ය පාද පාතේගම ඤානේස්සර ස්වාමීන් වහන්සේ විශේෂ ධර්ම දේශනයක් පවත්වන ලදී.


අරුණ පුවත්පත හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විජිත් චන්ද්‍රසේන මහතා මෙහිදී මෙම වැඩසටහනේ අරමුණ සහ ඉදිරි දැක්ම පිළිබදව අදහස් දැක්වූ අතර මාධ්‍ය ආයතනයක් ලෙස අරුණ පුවත්පත සහ අප මාධ්‍ය ජාලය සමාජ වගවීම සහ වගකීම යන රාජකාරිය සමාජ සුභසාධනය සමඟින් ඉටුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලදී.


වැලිකඩ බන්ධනාගාරය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ධම්මික දසනායක මහතා අදහස් දැක්වීම සිදුකරන ලදී.


මෙහිදී නිවසට අවශ්‍ය සියලුම කුළුබඩු ලබාදීම විජය නිෂ්පාදන ආයතනය විසින් සිදුකළ අතර කිරිපිටි ආදිය ඩයමන්ඩ් මිල්ක් ආයතනය ද පැමිණ සිටි සියලුදෙනා හට කෙටි ආහාර වේලක් ලබාදීම CBL සමාගම වෙතින් සමපෝෂ ලබාදීම සිදුකළ අතර මෙල්ඩෝල් ආයතනය ඖෂධ ආදිය ලබාදුන් අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම සඳහා කැලීන් ආයතනය සිදුකරන ලදී.

 

තවද නැගෙනහිර දෙහිවල ලියෝ සංගමය විසින් ද සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම ද සිදුකරන ලදී.


මෙම අවස්ථාව සදහා අරුණ පුවත්පත හි අලෙවි සහ විකුණුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හර්ෂණ කුරුවිට, කළමණාකරු ඩිජිටල් අලෙවි සහ විකුණුම් අසිත් ජයසිංහ, බන්ධනාගාරයේ නියෝජනය කරමින් සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික දයාරත්න, ප්‍රධාන පුනුරුත්ථාපන නිලධාරී සුජිත් ශාන්ත සිංහපුර, පුනුරුත්ථාපන නිලධාරි මුදිත, පුනරුත්ථාපන නිලධාරි සුමේධ,විශෝධන නිලධාරී කසුන් ඇතුළු බන්ධනාගාර නිලධාරීන්, විජය නිෂ්පාදන ආයතනය නියෝජිතයන්, මෙල්ඩෝල් ආයතනය නියෝජිතයන් සහභාගී විය.



 

More News..