මධ්‍යම පළාතේන් 2000ක් සෞඛ්‍යය සේවයට බදවා ගැනීමට සැලසුමක්
10 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා හැටන්
මධ්‍යම පළාතේන් 2000ක් සෞඛ්‍යය සේවයට බදවා ගැනීමට සැලසුමක්
10 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා හැටන්
ලංකාවේ වැඩිම මාතෘ මරණ මධ්‍යම පලාත තුල සිදුවන බවත් අඩු බර දරු උපත්, ලදරු මරණ මෙන්ම මන්ද පෝෂන
තත්වයන් වැඩි වශයෙන් මධ්‍යම පලාත තුල පවතින බවත් මෙය වෙනස් කිරිම සදහා ඉදිරියේදි අවශ්‍ය පියවර ගන්නා
බවත් මධ්‍යම පලාත් ආන්ඩුකාර වීශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු පවසයි.
මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මාධ්‍යවේදින්ගේ හමුවක් 09වන දින මහනුවර ආන්ඩුකාර කාර්යාලයේදි පැවති අවස්ථාවේදි මේ බව පැවසු වීශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
''මධ්‍යම පලාත තුල පවතින සෞඛ්‍ය ගැටළු වෙනස් කිරිම සදහා සෞඛ්‍ය සේවයට ලබන වර්ෂය තුලදි දෙදහක පිරිසක් බදවා ගැනිමට කටයුතු කරනවා. පසු ගිය අයවැයෙන් තමයි සෞඛ්‍යට හා අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කලේ එය ඉදිරියේදි තවත් වැඩි වෙයි අපි වැඩ කටයුතු කරද්දි මාධ්‍යට කිසිම දෙයක් හංගන්න අවශ්‍ය නැහැ. අපි හැම දෙයක්ම කරන්නේ විවෘතවයි. අධ්‍යාපනය ගත් විට නුවරඑළිය දිස්දික්කයේ අඩු මට්ටමක පවතිනවා රැකියා විරහිත බාවයත් මෙම ප්‍රදේශයන් තුල වැඩි වශයෙන් පවතිනවා මෙම තත්වයන් ඉදිරි කාලයේදි වෙනස් කිරිමට පියවර ගන්නවා.දිට්වා සුලි කුනාටුවෙන් මධ්‍යම පලාත තමයි වැඩිම හානියකට පත්වුනේ එසේ වුන හානිවලට පිලියම් යෙදිමට රුපියල් මිලියන තිස් දාහාක් රජය මගින් හදිසි ආධාර ලෙස ලබා දුන්නා එයට පසුව තවත් මිලියන පහාලොස් දාහාක් ලබා දුන්නා සමන්‍ය ප්‍රශ්න විසදිම සදහා. මෙම කටයුතු කර ගෙන යාමේදි තවත් ප්‍රශ්න මතු වුනා මැද පෙරදිග යුද්ධය මත තෙල් මිල ඉහලට ගියා එම තත්වයන් මත විවිධ කාර්යන් සදහා මිල ගනන් වෙනස් වුනා ඒ සදහා නව මිල ගනන් කැදවිමට ටික කලක් ගතවුනා.සංවර්ධණ ව්‍යාපෘති කර යාමේදි තාක්ෂන නිලධාරින් හිගය මත එම කටයුතු නිසි ලෙස කර ගෙන යාමට නොහැකි තත්වයක්ද පවතිනවා එයට විසදුම් ලෙස අපි නව තාක්ෂන නිලධාරින් ඉංජිනේරුවන් බදවා ගැනිමට පියවර ගනිමින් සිටිනවා.මේ රට අපරාධ රාජ්‍යයක් බවට පත් වෙලා තිබුනේ එවැනි හැම ගැටයක්ම තමයි අපි මේ ලිහාගෙන යන්නේ ඒත් එය ක්ෂණික කරන්න බැහැ ඔබලාට හැකි නම් අපිට තොරතුරු දෙන්න එවිට අපිට පුලුවන් එයට මැදිහත් වෙන්න සමහර ප්‍රශ්න අපිට ජාතික තලයෙන් විසදන්නත් සිදු වෙනවා.''

