brand logo
logo
සාගර කාරියවසම් අත්අඩංගුවට

සාගර කාරියවසම් අත්අඩංගුවට

10 August 2026


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදීය.


පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාව මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුණි. 


පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

 

More News..