තායි කතුන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමග කටුනායකදි අත්අඩංගුවට
20 September 2026
තායි කතුන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමග කටුනායකදි අත්අඩංගුවට
20 September 2026
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු කුෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (20) අළුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීම් දෙකකදී මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.
පළමු වැටලීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 220ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 852ක් ළඟ තබාගෙන සිටි 38 හැවිරිදි තායි කාන්තාවක පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම, දෙවන වැටලීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 994ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 620ක් සඟවාගෙන සිටි 31 හැවිරිදි තායි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයට ආධාර අනුබල දීමේ චෝදනාව මත එම ගුවන් යානයෙන්ම පැමිණි 36 හැවිරිදි තවත් තායි කාන්තාවක ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

