මාළු මුදලාලිලාට හිඟ මුදල ගෙවනවා - ධීවර සංස්ථා සභාපති
17 November 2026 | ශිරාන් රණසිංහ
මාළු මුදලාලිලාට හිඟ මුදල ගෙවනවා - ධීවර සංස්ථා සභාපති
17 November 2026 | ශිරාන් රණසිංහ
ධීවර සංස්ථාව විසින් මිලදී ගත් මත්ස්‍යයන් සඳහා ව්‍යාපාරිකයන්ට ගෙවිය යුතුව තිබෙන හිඟ මුදල් ගෙවා දැමීමට සියලු කටයුතු යොදා ඇතැයි ලංකා ධීවර සංස්ථා සභාපතිවරයා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳ සංගමයට දැනුම් දී ඇත.
මෙවර අයවැය මගින් වෙන් කර තිබෙන මූල්‍ය ප්‍රතිපාදන මගින් වෙළෙඳුන්ට නොගෙවා පැහැර හැර තිබූ මුදල් ගෙවා දමන බව ලංකා ධීවර සංස්ථා සභාපති එම්. එන්. නසාර් දැනුම් දුන් බව එම වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ ‘‘අරුණ’’ ට පැවැසීය.
ඉකුත් වසර පහක පමණ කාලය තුළ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් සංස්ථාව ලබාගෙන තිබූ මාළු සඳහා රුපියල් කෝටි පනහක පමණ මුදලක් නොගෙවා පැහැර හැර ඇතැයි ‘‘අරුණ’’ පුවත්පතේ ඊයේ (16 වැනිදා) පළවූ ප්‍රවෘත්තියෙන් පසුව සභාපතිවරයා මෙම මුදල් ගෙවා දමන බව පවසා තිබේ.
ඒ අනුව මෙම හිඟ මුදල් යම් කිසි ක්‍රමවේදයකට යටත්ව ගෙවා අවසන් කරනු ඇතැයි විශ්වාසය තබන බවද ජයන්ත කුරේ සඳහන් කළේය.


