ඉදිරි අයවැයෙන් ව්යවසායකයන්ට සහන රැසක් - ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය
21 October 2026
ඉදිරි අයවැයෙන් ව්යවසායකයන්ට සහන රැසක් - ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය
21 October 2026
ඉදිරි අයවැයෙන් ප්රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් ට්රිලියන දෙකක (ට්රිලියන 2) අති විශාල මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙය රජයක් විසින් ප්රාග්ධන වියදම් සඳහා යොදවන ලද වැඩිම මුදල් ප්රමාණය බව ද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
ප්රාග්ධන වියදම් සඳහා මෙසේ මුදල් යෙදවීම තුළින් රටේ යටිතල පහසුකම් දියුණු වන අතර, එමගින් සියලුම ශුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යවසායකයන්ට (MSMEs) තම ව්යාපාරික අවස්ථා පුළුල් කරගැනීමට විශාල රුකුලක් ලැබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.
තවද, ණය කළමනාකරණ පනත යටතේ ණය ලබාගැනීමේ සීමාවන් සකස් කිරීමේ ප්රධාන අරමුණ වන්නේ මෙම ශුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට අවශ්ය ණය පහසුකම් සැලසීම, ඔවුන්ගේ ව්යාපාරික ධාරිතාව හා මූල්ය ප්රවේශය ඉහළ නැංවීම, නව තාක්ෂණයට අනුගත වීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සහ වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම බව ද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙලෙස ව්යවසායකයන් නගාසිටුවීම තුළින් සමස්ත ආර්ථිකය ඉහළ නැංවීමත් සමාජය සවිබල ගැන්වීමත් අපේක්ෂා කෙරේ.

