දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
08 November 2026
දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
08 November 2026
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අද (08) පස්වරු 6.00 සිට හෙට (09) පස්වරු 6.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මක වේ.
ඒ අනුව, දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා අදියර දෙකක් යටතේ මෙම නිවේදනය නිකුත් කර ඇත.
මට්ටම් 2 - අවධානම් (Amber - Alert)
කොළඹ දිස්ත්රික්කය - සීතාවක
ගාල්ල දිස්ත්රික්කය - තවලම, එල්පිටිය සහ කරන්දෙනිය
කළුතර දිස්ත්රික්කය - වලල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බුලත්සිංහල
මහනුවර දිස්ත්රික්කය - උඩුදුම්බර
කෑගල්ල දිස්ත්රික්කය - දෙරණියගල
නුවරඑළිය දිස්ත්රික්කය - වලපන සහ නිල්දණ්ඩාහින්න
රත්නපුර දිස්ත්රික්කය - ඇහැලියගොඩ, ඇළපාත සහ අයගම
මට්ටම් 1 - විමසිලිමත් වන්න (Yellow - Watch)
බදුල්ල දිස්ත්රික්කය -මීගහකිවුල
කොළඹ දිස්ත්රික්කය - පෑලියගොඩ
ගාල්ල දිස්ත්රික්කය - නාගොඩ, නියගම සහ නෙලුව
කළුතර දිස්ත්රික්කය - අගලවත්ත, මතුගම සහ බේරුවල
මහනුවර දිස්ත්රික්කය - තුම්පනේ, උඩුනුවර සහ මිනිපේ
කෑගල්ල දිස්ත්රික්කය - කෑගල්ල, මාවනැල්ල, අරණායක, වරකාපොළ, රුවන්වැල්ල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය
මාතර දිස්ත්රික්කය - පාස්ගොඩ සහ පිටබැද්දර
මොණරාගල දිස්ත්රික්කය - වැල්ලවාය
නුවරඑළිය දිස්ත්රික්කය - හඟුරන්කෙත, මතුරාට, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැඟෙනහිර
රත්නපුර දිස්ත්රික්කය - වැලිගෙපොළ, බලංගොඩ, ගොඩකවෙල, කොලොන්න සහ රත්නපුර
මෙම ප්රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි හදිසි අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවන ලෙසයි.
අනතුරු ඇඟවූ ප්රදේශවල ජනතාවට හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානමින් සිටින ලෙස ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ අංශ දැනුම් දී තිබේ.

