ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්
10 June 2026
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්
10 June 2026
අලුත්ගම, ඩිපෝව පාර පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී අද (10) පස්වරුවේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරදාන සිට හික්කඩුව බලා ධාවනය වෙමින් තිබූ කාර්යාල සීග්‍රාමී දුම්රියේ, මෙම ත්‍රිරෝද රථය ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථය දර්ගා නගරයේ සිට අලුත්ගම දෙසට ධාවනය කර ඇති අතර, දුම්රිය මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථය තුළ ගමන් කර ඇත්තේ රියදුරු පමණක් වන අතර, මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනන්‍යතාවක් තහවුරු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

