brand logo
logo
ඥානසාර හිමිගෙන් චීවරය ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවක්

ඥානසාර හිමිගෙන් චීවරය ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවක්

07 October 2026

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීමට එරෙහිව සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.


පූජ්‍ය නීතියගම චන්දිම හිමි පැවසුවේ, අද (07) උසෑසන 9.00ට කොළඹ අධිකරණ පරිශ්‍රයේදී මෙම විරෝධය පැවැත්වෙන බවය.


“රටක්, ජාතිකයක්, ආගමක් සහ සංස්කෘතියක් අපි හැමෝටම තියෙනවා. අපි අධිකරණ නියෝගයට විරුද්ධව අදහස් දක්වනවා නෙමෙයි. නමුත් අපේ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර ගලවලා, ප්‍රසිද්ධියේ රැගෙන ඒම කාගෙත් සිත් කම්පාවට පත්කරපු කාරණාවක්. එබදු පූර්වාදර්ශයක් රටක කිසිම කෙනෙකුට ඇති නොවීමට වගබලා ගැනීම තරුණ අප කාගෙත් වගකීමක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 9 කොළඹ අධිකරණ පරිශ්‍රයට එන්න. ඒ වෙන කිසිවක් සඳහා නොවෙයි. එවැන්නක් යළි පූර්වාදර්ශයක් නොවන්න ඕනේ.”

 

More News..