brand logo
logo
කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය එක්වීමේ අවදානම පාලනය කරයි -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය එක්වීමේ අවදානම පාලනය කරයි -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

25 August 2026


පෞද්ගලික ආයතනයකින් පරිසරයට එක්වූ රසායනික ද්‍රව්‍යයක් පානීය ජලයට මුසුවීම වැළැක්වීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, ඊයේ (24) පස්වරුවේ ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය ආරක්ෂිත පියවර ගත් බවයි.


එසේම, අදාළ රසායනික ද්‍රව්‍යය විෂ සහිත එකක් නොවන බවට තහවුරු වී ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකෙරේ.


කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ඇතිවූ මෙම හදිසි තත්ත්වය නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගත්තේය.


කෙසේ වෙතත්, ත්‍රිවිධ හමුදා සහය ඇතිව තත්ත්වය පාලනය කිරීමෙන් පසුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වා ජලයේ ප්‍රමිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව යළි ජලය බෙදාහැරීමට කටයුතු කළ බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

 

More News..